චීනයේ අන්තර්ජාල වාරණය හා ලංකාව

madhurasri


මිලියන 618 ක අන්තර්ජාල ප්‍රජාවක් සිටින අන්තර්ජාල සේවා සැපයුම් රජය සතුය. චීනය අන්තර්ජාලය දැඩි වාරණයකට ලක්කර ඇති රටකි. චීනයේ ඒ සඳහා විවිධ නීති සහ රෙගුලාසි 60කට වඩා පනවා ඇත. චීනය ලෝකයේ වඩා දැවැන්තම අන්තර්ජාල වාරණ තාක්‍ෂණයක් භාවිතා කරන රටයි.

චීන රජය අන්තර්ජාලයයේ වෙබ් අඩවි අවහිර කරන අතර අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ක්‍රියාකාරකම්ද නියාමනය කරයි. චීනයේ මහා ගිනිවැට (The Great Firewall of China) සහ මහා කාලතුවක්කුව (Great canon) ඒ සඳහා භාවිතා කරන තාක්‍ෂණයන් දෙකකි.



ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් පවසන පරිදි චීනය වඩාත්ම මාධ්‍ය වේදීන් සහ සයිබර් ක්‍රියාකරුවන් සිරකර ඇති රටය. බොහෝ දෙනකු සිරගත කර ඇත්තේ පිටරට සමූහවල සන්නිවේදනය, සයිබර් පෙත්සම් අත්සන් කිරීම, පාලනය විවේචනය හා දූශණයට විරුද්ධ වීම ආදී කරුණු මතය.

2001 දී චීන සමාජ ක්‍රියාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන 10 වසරකට සිර කරනු ලැබුණි. ඒ යාහූ ඊමේල් ගිණුමක් භාවිතා කර, අැනෝනිමස් ලෙස අන්තරජාල ඊ මේළ් සමූහයකට ලිවීමය.

2004 දී ගුරුවරයකු තම පාසලේ කඩාවැටුණු ගොඩනැගිලි චායාරූප ගෙන ප්‍රජාතන්ත්‍රවාදී වෙබ් අඩවියකට ඊමේල් කිරීම නිස නිසා රජයේ වසර 10කට සිර කෙරුනි. වීනයේ අන්තර්ජාල පොලිසිය 2103 දී මිලියන 2ක් විය.

බයිඩු, ටෙන්සෙන්ට් සහ අලිබබා ආදී ලෝකයේ විශාල අන්තර්ජාල සමාගම් වීමට මේ නිසා වාසි ලැබිනි. 2015 සිට චීන විකිපීඩියාව අවහිර කළ නිසා විකිපීඩියාව HTTPS භාවිතා කිරීම නිසා වාරණය කර නොහැකි වී ඇත.

වාරණ ක්‍රම වේද

IP හා Protocol අවහිර කිරීම
සර්වරයේ සියලු අඩවි අවහිරවේ. වෙනස්වන proxy හා IP භාවිතා කර යා හැක.

DNS poisoning
වැරදි IP ලිපින ලබාදේ. මගහරවා යාමට IP හෝ වෙනත් DNS භාවිතා කල හැක.

URL filtering
ලින්කුවේ ඇති වචන වාරණය කරයි. නමුත් SSL හා VPN භාවිතයෙන් මග හරවා යාහැක.

Man-in-the-middle attack
සර්වරය හැක්කර ආරක්‍ෂණ සහතිකය මාරුකිරීම. 2013 Git Hub ච විය.

Packets filtering
පැකට්ටුවේ අඩංගු දේ පරික්‍ෂා කිරීම. HTTS භාවිතා කිරීමේදී පහසු නොවේ.

TCP connection reset
අන්තර්ජාල සම්බන්ධය රිසෙට් කිරීම. ගිනිවැටෙන් එවන reset පණිවිඩය නොසලකා හැර දිගටම යා හැකිය.

VPN blocking
VPN පැකට් එකක් දුටුවිට සම්බන්ධය කඩයි. චීන ඇපල් දුරකතන වලට VPN උපාංග භාගැනීමට නැත.

චීනය facebook, Yahoo, facebook, youtube වැනි ලෝකයේ විශාලම අඩවි වාරණය කරයි. Google සෙවුම්ද පෙරා සපයයි. මේ තත්වය යටතේ වීනය ලෝකයට සම්බන්ධ නැති උනත් රට තුලම අන්තර්ජාලයක් ගොඩ නැගී ඇත. එහි මිලියන 300 බ්ලෝගර්ස් ලා සිටිති. ඔවුන් විවිධ ක්‍රම වේද යොදාගන සන්නිවේදනය කරති. චීන රජයට එය වැලැක්වීමට හැකියාවක් ලැබී නැත.





එම නිසා අන්තර්ජාල වාරණය කරන හැම තාක්‍ෂණයක්ම අසරණ කරන තවත් තාක්‍ෂණක් අන්තර්ජාලයෙන්ම ලබාගත හැකිනිසා, පුරවැසියන්ගේ සන්නිවේදනය වැලැක්විය නොහැක. එසේ කිරීමේදී නීති අභිබවා යාමේ ප්‍රවණතාවයක් මතුවී මහජනයා සහ රජය අතර විශ්වාසය පළුදු වී, අන්තවාදී ප්‍රචාරණය බලවත් විය හැක.

සමාජ ජාලයන් මානව සම්බන්ධතාවන් පවත්වා ගැනීමට යොදා ගන්නා සන්නිවේදන ක්‍රමයකි. සමාජ ජාලා මගින් ලෝකයට සිදු කරන මහඟු සේවාවකි. අප එය අගය කළ යුතු අතර ඒවායේ ඇති හොඳ හා නරක භාවිතා අපම වටහා ගත යුතුය.

සමාජ මාධ්‍ය යොදාගන ද්වේෂය හා ප්‍රචන්ඩත්වය පතුරුවන්නන් සම්බන්දයෙන් රජය නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අතර, වාර්ථා කල පසු තොරතුරු ඉවත්කිරීම හා ගිණුම් අත්හිටවීම් එම සමාජ ජාලා වලට කල හැක. එම පහසුකම දැනටම තිබේ.
මේ නිසා දිගින් දිගටම සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කිරීම අසාධාරණ ක්‍රියාවකි.

රටක සංවර්ධනයේ හා පාලනයේ ජනතා සහභාගිත්වය සමාජ මාධ්‍ය තුලින් පිළිපිඹු වන අතර, ලෝකයේ වැදගත් රටක් වීමට අපට එය උපකාරී වනු ඇත. කුමන ආකාර හෝ අදහස් අවහිරය හෝ වාරණය සමාජයකට නොගැපෙන අතර සංවාදයට පහසුකම් සැලසීමෙන් පමණක් විවෘත හා හැමටදෙනා සහභාගීවන සමාජයක් ගොඩ නැගිය හැක.

ශ්‍රී ලංකාව මුහූණ දී ඇති අභියෝග හමුවේ
1. අන්තර්ජාලය තුල තොරතුරු පළකිරීමේ නීති ශක්තිමත් විය යුතුය.
2. එය අන්තර්ජාලයට පමණක් නොව, මාධ්‍ය සහ දේශපාලන වේදිකා සඳහාද එකම විය යුතුය.
3. අන්තර්ජාල භාවිතා කරන්නන් සඳහා සදාචාර පද්ධතියක් අන්තර්ජාලය ආරම්භයේදී පටන් තිබේ. එය සෑම කෙනකුටම හඳුන්වාදීම සේවා සපයන්නන්ගේ වගකීමයි.
4. අන්තර්ජාලය තුල පළකරන දෑ මහජන ආරක්‍ෂාවට බලපෑම නියාමනය කළ යුතුවුවද ඒ සඳහා නීතියෙන් කටයුුුතු කරනු මිස සමාජ ජාලයන් අවහිර කිරීම විසඳුමක් නොවේ.

අන්තර්ජාලය ශ්‍රී ලංකාවේ ආරම්භයේ සිට අප රටේ ආර්ථික සංවර්ධනයට, රැකියා බහුල වීමට, සන්නිවේදනයට කළ මහත් දායකත්වයද, සංස්කෘතික හා සමාජීය වර්ධනයද සලකා බලමින් අන්තර්ජාලය, සේවා තත්වය, ආරක්‍ෂණය හා තොරතුරු පළකිරීමේ සදාචාරය පිළිඹද පුලුල් සංවාදයක අවශ්‍යතාවය පවතී.

එම නිසා චීනය හෝ ඇමරිකාව නොව ලංකාව උදාහරණයට ගෙන මානව සංවර්ධනයට අන්තර්ජාලය යොදාගැනීම කළ හැක්කේ කෙසේද? ඒ සඳහා මහජනතාව, සේවා සපයන්නන් හා රජය සතු කාර්ය භාර, වගකීම් හා යුතුකම් කවරේද? අප එම කරුණු ශාක්ශාත් කරගැනීමට කළ හැකිදේ මොනවාද යන්න අවබෝධ කරගැනීම අපේ අභියෝග වේ!

( උපුටා ගැනීම - Niranjan Meegammana - https://www.facebook.com/photo.php?fbid=2092859907405780&set=a.138832579475199.24091.100000453734538 )


Login or Register to post a comment.